මත් ජාවාරමක් ගැන සොයන්න ගිය දසත වාර්තාකරුට නොච්චියාගම ප්‍රබල ව්‍යාපාරිකයෙකු පහරදීලා

මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයක් සඳහා ගිය ‘දසත නිවුස්’ අනුරාධපුර ප්‍රාදේශීය වාර්තාකරු තම්සීර් හමීඩ්ට පහරදීමක් සිදුකර තිබෙනවා.

පහර කෑමට ලක්වූ ප්‍රාදේශීය වාර්තාකරු තම්සීර් හමීඩ් මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

නොච්චියාගම ප්‍රදේශයේ ප්‍රබල ව්‍යාපාරිකයෙක් මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් විකුණන බව ලැබුණු තොරතුරක් මත එහි සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමට අප වාර්තාකරු උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දසත ප්‍රාදේශීය වාර්තාකරු තම්සීර් හමීඩ්ගේ නිවසට පැමිණ ඇති අදාළ ව්‍යාපාරිකයා ඔහුට මරණ තර්ජන එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඒ සම්බන්ධයෙන් නොච්චාගම පොලිසියට සිදුකළ පැමිණිල්ලය අනුව; අදාළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන සමතමණ්ඩලය වෙත යොමුකර තිබූ බවයි වාර්තා වන්නේ.

එවන් පසුබිමක ඊයේ (15) දිනයේ දී ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පිහිටි; රාජාංගන ශ්‍රද්ධාරත්න නැමැති ස්වාමීන්වහන්සේ නමක් වැඩවසන විහාරස්ථානයකට පැමිණෙන ලෙස දසත ප්‍රාදේශීය වාර්තාකරු තම්සීර් හමීඩ්ට එම හිමිනම විසින් ආරාධනා කර ඇත්තේ අදාළ මත් ජාවාරම පිළිබඳ සත්‍ය සත්‍යයත්වය දැනගැනීම සඳහායි.

අප වාර්තාකරු පොලිසියේ අවසරය ද ඇතිව එහි යනවිටත් සැකකාර ව්‍යාපාරිකයා තවත් ස්වාමීන් වහන්සේලා දෙනමක් සමඟ එම විහාරස්ථානය පැමිණ සිටි තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු තම්සීර් හමීඩ් එහි ගිය අවස්ථාවේ මත් ජාවාරම සිදුකරන බව කියන ව්‍යාපාරිකයා සහ ඔහු අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර, එහිදී ව්‍යාපාරිකයා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පහරකෑමට ලක්වූ දසත ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රතිකාර සඳහා ඇතුළත්ව ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලටයි.

අදාළ ව්‍යාපාරිකයා සිදුකරගෙන යන මත් ජාවාරම හේතුවෙන් නොච්චියාගම සහ අනුරාධපුර පාසල්වල ළමුන්ගේ ජීවිතවලට විශාල තර්ජනයක් එල්ල වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59