රාත්‍රී කාලයේ තාවකාලිකව වසා දමා තිබූ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (16) රාත්‍රියේ සිට වාහන ගමනා ගමනයට විවෘත කරන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක ඊ.එම්.එල් උදයකුමාර පවසනවා.
පැවති අයහපත් කාලගුණය හේතුවෙන් එම මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේ ඇති වූ නාය යාමේ අවදානම හේතුවෙන් පසුගිය සිකුරාදා (14) සිට රාත්‍රී කාලයේ දී වසා දැමීමටයි තීරණය කළේ.
ඒ, අනුව එම මාර්ගය වාහන ගමනා ගමනයට විවෘතව තැබුණේ පෙරවරු 6.00 සිට පස්වරු 6.30 දක්වා කාලය තුළයි.
මේ අතර නාය යාමේ අවදානම ඉතා අවම මට්ටමකට පැමිණ ඇති බැවින් මෙලෙස මාර්ගය රාත්‍රී කාලයේ විවෘත කිරීමට තීරණය කර ඇති නමුත් එම ස්ථානයේ පසුකර යන සියලුම දෙනා අවධානයෙන් යුතුව ගමන් කරන ලෙස ඉල්ලා සිටින්නේ.
ස්ථානයේ ඇතිවිය හැකි විශේෂිත තත්ත්ව යටතේ මෙම තීරණය ක්ෂණිකව වෙනස් විය හැකි බව ද ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළා.