ඹෟෂධ මිල සූත්‍රය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න – කෝප් කමිටුවෙන් උපදෙස්

ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) විධිමත් කමිටු අනුමතියකින් තොරව වේගවත් යාන්ත්‍රණයක් ඔස්සේ විශේෂ ක්‍රමවේදයකට නිකුත් කර ඇති බව කෝප් කමිටුවේ දී අනාවරණය වුණා.

මේ පිළිබඳ අනාවරණය වූයේ ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ 2022, 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පසුගියදා (12) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී හදිසි ඹෟෂධ මිලදීගැනීම සම්බන්ධයෙන් ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ මැදිහත්වීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා.

මේ අනුව ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) විධිමත් කමිටු අනුමතියකට යටත් කිරීමේ ක්‍රමවේදයෙන් බැහැරව වේගවත් යාන්ත්‍රණ‍යක් (Fast Track) ඔස්සේ විශේෂ ක්‍රමවේදයකට (Special pathway) නිකුත් කර ඇති බවත් මේ මගින් ප්‍රධාන විධායක නිලධාරියාගේ තනි කැමැත්තට ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය ඇති බවත් කෝප් කමිටුව පෙන්වා දුන්නා.

විශේෂයෙන්ම 2022 වර්ෂයේ සිටි ප්‍රධාන විධායක නිලධාරියා මෙම ක්‍රමවේදය වෙනුවෙන් මැදිහත්වී ඇත් බව මෙහිදී අනාවරණය වූ අතර එම කාල සීම‍ාව තුළ කොළඔ පිහිටි ප්‍රධාන හෝටලයක පැවත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් සඳහා අනුමතිය ලබාගැනීමට සැලසුම්කොට තිබූ බවත් මෙහිදී අනාවරණය වුණා.

නමුත් මේ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළ වෛද්‍යවරුන්ගේ විරෝධය පළ වී ඇති බවත් එබැවින් මේ සම්බන්ධයෙන් තවමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුත්තක් පවතින බවත් මෙහිදී අනාවරණය වුණා.

මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරියේ දී අදාළ කාලසීමාවේ ජාතික ඹෟෂධ නියාමනය අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුවට ගෙන්වීමට තීරණය කෙරුණා.

එසේම සුවඳ විලවුන් සහ ක්‍රීම් වර්ග භාවිතය නිසා ඇතිවන රෝගී තත්ත්වයන් පවතින බැවින් සුවඳ විලවුන් සහ ක්‍රීම් වර්ග නියාමනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු බව කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්නා.

නමුත් කිසිඳු ආයතනයකට මේ සම්බන්ධයෙන් නියාමනය කිරීමේ නීතිමය බලතල නොමැති බව කමිටුවේදී අනාවරණය වූ අතර, මේ සම්බන්ධයෙන් අවශ්‍ය නියාමන නීතිමය ප්‍රතිපාදන සකස්කොට තම ආයතනයට බලතල දෙන ලෙස නිලධාරීන් පෙන්වා දුන්නා.

මේ අනුව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස කෝප් කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නා.

තවද ඖෂධ මිල සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මිල නියාමන අංශයක් 2022 වර්ෂය දක්වා නොපැවති බවත් 2022 වර්ෂයේදී එම අංශය ස්ථාපිත කිරීමෙන් පසුව කලාපීය වශයෙන් ඖෂධ මිල සංසන්දනය කරන බවයි.

මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ ඖෂධ මිල සූත්‍රය සම්බන්ධයෙන් පවතින බාධාවන් ඉවත් කර හැකි ඉක්මනින් එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසයි.

ඖෂධ ගෙන්වීමෙන් පසු ගෙන් වූ ඖෂධ පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පැමිණි නිලධාරීන්ගෙන් කාරක සභාව විමසූ අතර මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම පරීක්ෂා කිරීම් සඳහා විද්‍යාගාර‍ පහසුකම් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි.

මෙහිදී අධිකාරිය සතුව පවතින මුදල් සංචිත ප්‍රමාණය කෝප් කමිටුව විමසූ අතර; රුපියල් බිලියන 07ක සංචිත පවතින බව නිලධාරීහු පැවසුවා.

එබැවින් අධිකාරියේ මුදල් සංචිත යොදාගෙන හෝ ඹෟෂධ ගෙන්වූ පසු පරීක්ෂා කිරීමට විද්‍යාගාර‍යක් සකස්කරන ලෙස කෝප් කමිටුව උපදෙස් ලබාදුන්නා.

එසේම කාර්යක්ෂමව කටයුතු කිරීමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව සකස්කරගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ පවතින දුර්වලතා මගහරවාගැනීමට ඉක්මනින් කටයුතු කරන ලෙසත් කෝප් කමිටුව උපදෙස් ලබාදෙනු ලැබුවා.

මීට අමතරව ජාතික ඹෟෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කෝප් අනු කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බවද, මෙහිදී කෝප් කමිටුවේ සභාපතිවරයා පැවසූ අතර, ඉදිරියේදී එම අනුකමිටුවේ සාමාජිකයින් නම්කර දැනුම්දෙන බව පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02