හොරාට කාලය දුන් උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්

මරදාන ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට හොරෙකු ඇතුල් වී ඇති බවට පොලිසියට කළ දැනුම් දීමකට අනුව , එම ස්ථානයට යාමට පැයකට පමණ කාලයක් ගෙන සැකකරුට පලායාමට ඉඩ සැලැස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු වැඩ තහනමට ලක්කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ මරදාන පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි උපපොලිස් පරීක්ෂකවරයෙක්.

පසුගිය 10 දින රාත්‍රියේ අදාළ ව්‍යාපාරික ස්ථානයට සොරකු ඇතුළු වී ඇති බවට එම ආයතනය මරදාන පොලිසියට දැනුම් දී තිබෙනවා.

පොලිසිය කළ දැනුම්දීම අනුව එදින රාත්‍රී ජංගම සංචාරයේ යොදවා සිටි පොලිස් නිලධාරියා පොලිස් ස්ථානයේ සිට මීටර් 700ක් පමණ දුරින් පිහිටි අදාළ ව්‍යාපාරික ස්ථානයට පැයක පමණ කාලයකින් පසු ළඟාවන අවස්ථාවේ දී සොරා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවකුට පලායාමට ඉඩ සැලැස්වීම, සේවය අප කීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම ඇතුළු කරුණු කීපයක් මුල්කරගෙන කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මෙම වැඩ තහනම සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
13
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47