ලබන ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයට තාක්‍ෂණ විෂයෙන් පෙනී සිටීමට සූදානම්ව අධ්‍යාපනය ලැබූ පාසල් සිසුවකු සිය නිවසේ මුළුතැන්ගෙයි උළුවස්සේ ගැට ගැසූ කඹයක එල්ලී ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි වාර්තා වනවා.
මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ පහළ බෝමිරියේ පදිංචි පාසල් සිසුවකුයි.
මියගිය අය මෙසේ ගෙල වැලලා ගැනීමට පෙර ගෙල වැලලාගත් තොණ්ඩුවේ ඡායාරූප සහ වීඩියෝ මිතුරු මිතුරියන්ගේ ජංගම දුරකථන වෙත යවා තිබෙනවා.
එම ඡායාරූපයක් මිතුරකුගේ ජංගම දුරකථනයට ලැබීමෙන් පසු එම මිතුරා ඒ බව වහාම මියගිය අයගේ මවට දැන්වීමෙන් පසු එම අවස්ථාවේ නිවසින් බැහැරව සිටි ඇය මියගිය අයගේ ලොකු අම්මාට ඒ බව දන්වා තිබුණා.
ඇය නිවසට යනවිටත් ඔහුගේ නිසල දේහය උළුවස්සේ එල්ලෙමින් තිබූ බව පවුලේ ඥාතීහු පවසනවා.
දක්‍ෂ සිසුවකු මෙන් හොඳ කවියකුද වන බව පැවසෙන ඔහු මියයන්න මොහොතකට පෙර ලියූ නිසැදැස් කවි පෙළක් මිතුරන්ගේ ජංගම දුරකථන වෙත යවා තිබුණා.














දරුවන්ට නිසි වයසෙ නිසි ආදරය අඩුවක් නැතුව දෙමව්පියන්ගෙන් ලැබෙනවනම් වර්තමාන සමාජයෙ මේ වගෙ බොලද වැඩ මින් ඉදිරියට සිදු නොවන්නට ඉඩ තිබෙනවා
හරිදේ දන් නැතුව ඔහොම පව් වැඩ කරන්න එපා ….හොදක්නම් වෙන් නෑ ඔඔහොම දාපු එකාට 😣😣…. හැම මනුස්සෙක්ම කැමති ජීවත් වෙන්න , සතුටින් ඉන්න ….ඒත් අපිට දාරගන්න බැරි දේවල් ජීවතේ වෙනවා…. මෙහෙම ගොසිප් දාන එකත් කවදහරි මැරෙන්නේ විදවලාමයි 😣😣plz ඇත්ත දන් නැතුව කිසිමදෙයක් කරන්න එපා ….ප්ලීස් shre karanna epa….