අඩු මිලට අරක්කු හඳුන්වා දීම ගැන රජයට ADIC වෙතින් අභියෝගයක්

”අඩු මිලට අරක්කු හඳුන්වා දී පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් හදන්නේ කොහොමද ?” යන ප්‍රශ්නය මතු කරමින් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර සිටිනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ නව රජය විසින් පත්කරන ලද සුරාබදු කොමසාරිස්වරයා 2024 දෙසැම්බර් මාසයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අඩු මිලට මද්‍යසාර බෝතලයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටි බවයි.

එම යෝජනාව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA), මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) ඇතුළු සංවිධාන ගණනාවක් සහ මහජනතාවගේ දැඩි අප්‍රසාදය සහ විරෝධය එල්ල වුණා.

එලෙස දැඩි විරෝධක් තිබියදීම 2025.03.09 දින රජයේ මුදල් පිළිබඳ කාරක සභා (COPF) රැස්වීමේදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එහි නිලධාරීන් විසින් ඉහත යෝජනාව නැවතත් ඉදිරිපත් කරමින් ඒ සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කළා.

පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් යන නව රජයේ දැක්මට 100% පටහැනි මෙවැනි යෝජනාවක් සුරාබදු දෙපාර්තමේන්තුව ගෙන එන්නේ ජනාධිපතිවරයා ඇතුළු නව රජය අපහසුතාවට පත් කිරීමට දැයි ප්‍රබල සැකයක් ඇති බවයි මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා හා එහි නිලධාරීන්ගේ කාර්යය විය යුත්තේ කසිප්පු සහ නීතිවිරෝධී මද්‍යසාර අලෙවි කරන්නන් නීතියේ රැහැනට ගෙන ඒමයි.

එසේ නොමැතිව රටේ පාලකයන් සහ ජනතාව මුලා කරමින් නීතිවිරෝධී මද්‍යසාර 40% ක් පවතින බව ප්‍රකාශ කරමින් විද්‍යාත්මක බවක් නොමැති මද්‍යසාර සමාගම්වල උවමනාවන් වෙනුවෙන් සිදු කරන ලද අධ්‍යයන මත කරුණු ඉදිරිපත් කිරීමක් නොවන බව ද එහි සඳහන්.

සුරාබදු දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂම බව වසන්කර ගැනීම සඳහා හිතළු ඉදිරිපත් කරමින් පාලකයන් සහ ජනතාව මුලා කිරීම ද බරපතළ තත්තවයක් බවයි මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.

පසුගිය අවස්ථා දෙකක දී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා හා එහි නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු මගින් මතු කළ ප්‍රධාන කාරණා 03ක් වනවා. ඒවා නම්;

*නීතිවිරෝධී මද්‍යසාර භාවිතය අවම කිරීම සහ නීතිවිරෝධී මද්‍යසාර අලෙවිය අවම කිරීම සඳහා *නියමාකාරයෙන් නිෂ්පාදනය කරන ලද නීත්‍යනුකූල මද්‍යසාර බෝතලයක් අඩු මිලට ලබාදීම.
*නීතිවිරෝධී මද්‍යසාර භාවිතය නිසා අහිමි වන බදු රජයට ලබා ගැනීම.
*නීත්‍යනුකූල නොවන මද්‍යසාර නිසා ඇති වන සෞඛ්‍ය හානිය අවම කිරීමට, අඩු මිලට නීත්‍යනුකූල මද්‍යසාර බෝතලයක් හඳුන්වා දී නීත්‍යනුකූල නොවන මද්‍යසාර භාවිතා කරන්නන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගැනීම.


මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නැවතත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සහ ඔහුගේ නිලධාරීන්ගේ මෙම යෝජනාව, ඔවුන් අපේක්ෂිත ඉලක්ක කරා කිසිසේත්ම ළඟා විය නොහැකි විද්‍යාත්මක සාක්ෂි නොමැති යෝජනාවක් බව අවධාරණය කර සිටිනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සහ ඔහුගේ නිලධාරීන්ගේ මෙම යෝජනාව තුළින් අපේක්ෂිත අරමුණු ඉටු නොවන්නේ කෙසේද යන්න පහත කරුණුවලින් සනාථ කිරීමට කැමති බවයි මහජනතාවගේ අවධානය ඊට යොමු කරමින් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ.

1.නීත්‍යනුකූල මද්‍යසාරවල මිල අඩු කිරීමෙන් නීත්‍යනුකූල නොවන මද්‍යසාර පාලනය කළ හැකි බව පැවසීම මිත්‍යාවක් බව.


කුමන භාණ්ඩයක වුව ද ඊට ආදේශයක් ලෙස වෙළඳපොළට පැමිණෙන නීත්‍යනුකූල හෝ නීත්‍යනුකූල නොවන භාණ්ඩ අනිවාර්යයෙන්ම එම නියම භාණ්ඩයේ මිලට වඩා පහළ අගයකින් වෙළඳපොළ තුළ අලෙවි වනවා.

එසේ නොවුණහොත් එම ආදේශක භාණ්ඩයට වෙළඳපොළ තුළ ඉල්ලුමක් නොමැති වීම ඊට හේතුව වනු ඇති.

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41