ගුවන් සේවිකාවන්ට ලිංගික අඩත්තේට්ටම් කිරීමට වෙර දැරූ පුද්ගලයාට විදෙස් ගමන් තහනමක්

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගමන් ගන්නා ලද ශ්‍රී ලංකන් ගුවන් යානයක සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කර එහි ගමන් ගත් සෙසු මගීන්ට හිරිහැරයක් වන ආකාරයෙන් හැසිරුණ බව කියන සැකකාර පුද්ගලයකු ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (12) නියෝග කළා.

ස්විඩනයේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියෙකු වන යාපනය ප්‍රදේශයේ පදිංචි කන්දයියා තුරේසිංහම් නමැත්තකු එසේ අප මත මුදා හැරුණු අතර කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද අධිකරණයෙන් නියම කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එම ගුවන් යානය පෙරේදා (11) අලුයම 12.45 ට පමණ ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා පියාසර කරමින් තිබියදී බීමත්ව සිටි සැකකාර පුද්ගලයා එම ගුවන් යානයේ සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදුකර සෙසු මගීන්ට හිරිහැරයක් වන ආකාරයට හැසිරී ඇති බවට කරුණු අනාවරණය වන බව ද පොලිසිය අධිකරණයට දැන්වූවා.

පසුව එහි ආරක්ෂක නිලධාරීන් විසින් සැකකාර පුද්ගලයා පාලනය කර ඇති බවත් අනතුරුව ඒ පිළිබඳව ගුවන් නියමුවන් දැනුවත් කර ඇති බව ද පැවසුවා.

අදාළ ගුවන් යානය ගමන් වාරය නිමවා කටුනායක ගුවන්තොටුපළට ගොඩ බැස්සවීමෙන් අනතුරුව ගුවන් තොටුපොළ පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා පොලිසිය විසින් වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා ඉදිරිපත් කර ඇති බවත් සිද්ධිය වන අවස්ථාවේ සැකකාර පුද්ගලයා අධික ලෙස මත්පැන් පානය කර ඇති බවට එම වෛද්‍ය වාර්තා අනුව හෙළිදරව් වී ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් ගුවන් තොටුපොළ පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.

පැමිණිල්ල මෙහෙයවූ පොලිසිය හා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥවරුන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඔහුව එසේ ඇපමත මුදා හරින ලෙස නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?