ගුවන් සේවිකාවන්ට ලිංගික අඩත්තේට්ටම් කිරීමට වෙර දැරූ පුද්ගලයාට විදෙස් ගමන් තහනමක්

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගමන් ගන්නා ලද ශ්‍රී ලංකන් ගුවන් යානයක සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කර එහි ගමන් ගත් සෙසු මගීන්ට හිරිහැරයක් වන ආකාරයෙන් හැසිරුණ බව කියන සැකකාර පුද්ගලයකු ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (12) නියෝග කළා.

ස්විඩනයේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියෙකු වන යාපනය ප්‍රදේශයේ පදිංචි කන්දයියා තුරේසිංහම් නමැත්තකු එසේ අප මත මුදා හැරුණු අතර කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද අධිකරණයෙන් නියම කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එම ගුවන් යානය පෙරේදා (11) අලුයම 12.45 ට පමණ ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා පියාසර කරමින් තිබියදී බීමත්ව සිටි සැකකාර පුද්ගලයා එම ගුවන් යානයේ සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදුකර සෙසු මගීන්ට හිරිහැරයක් වන ආකාරයට හැසිරී ඇති බවට කරුණු අනාවරණය වන බව ද පොලිසිය අධිකරණයට දැන්වූවා.

පසුව එහි ආරක්ෂක නිලධාරීන් විසින් සැකකාර පුද්ගලයා පාලනය කර ඇති බවත් අනතුරුව ඒ පිළිබඳව ගුවන් නියමුවන් දැනුවත් කර ඇති බව ද පැවසුවා.

අදාළ ගුවන් යානය ගමන් වාරය නිමවා කටුනායක ගුවන්තොටුපළට ගොඩ බැස්සවීමෙන් අනතුරුව ගුවන් තොටුපොළ පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා පොලිසිය විසින් වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා ඉදිරිපත් කර ඇති බවත් සිද්ධිය වන අවස්ථාවේ සැකකාර පුද්ගලයා අධික ලෙස මත්පැන් පානය කර ඇති බවට එම වෛද්‍ය වාර්තා අනුව හෙළිදරව් වී ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් ගුවන් තොටුපොළ පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.

පැමිණිල්ල මෙහෙයවූ පොලිසිය හා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥවරුන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඔහුව එසේ ඇපමත මුදා හරින ලෙස නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12