පැහැර ගැනුණු දුම්රියේ සිටි ප්‍රාණ ඇපකරුවන් 155ක් මුදා ගැනේ

පාකිස්තානයට අයත් දුම්රියක් බලුච් විමුක්ති සන්නද්ධ කැරලිකරුවන් විසින් ඊයේ (11) පස්වරුවේ දී පැහැරගනු ලැබූ අතර එහි සිර වී ප්‍රාණ ඇපකරුවන් 155 දෙනෙකු මුදා ගැනීමට ආරක්ෂක අංශ සමත් ව තිබෙනවා.

NDTV මාධ්‍ය වාර්තා කළේ තවමත් පාකිස්තාන හමුදාව සහ බලුච් විමුක්තිකාමීන් අතර දැවැන්ත ගැටුම් හටගෙන ඇති බවත් ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක් ම අනුගමනය කරන බවයි.

එමෙන්ම මෙම වෙඩි හුවමාරු ජැෆර් එක්ස්ප්‍රස් හි කොටසේ සිදු වන බව ද වාර්තා වනවා.

නිල වශයෙන් ඔවුන් සතුව ප්‍රාණ ඇපකරුවන් තව කොපමණ සංඛ්‍යාවක් සිටින්නේ දැයි නිශ්චිත තහවුරු කිරීමක් ද ලැබී නැහැ.

දෙපාර්ශ්වය අතර ඇති වන අඛණ්ඩ ව වෙඩි ප්‍රහාරවලින් බලුච් කැරලිකරුවන් 27 දෙනෙකු මියගොස් ඇති අතර පාකිස්තාන සොල්දාදුවන් 30 දෙනෙකු ඝාතනය කර ඇති බව ද බලුච් නිවේදනය කර තිබෙනවා.

මේ අතර මුදා ගැනුණු ප්‍රාණ ඇපකරුවන් අතර සිටින කාන්තාවන් සහ ළමුන් ආරක්ෂිතව තාවකාලික රෝහලක් ලෙස පිහිටුවා ඇති මැක් නගරයට ප්‍රතිකාර සඳහා යවා තිබෙන බව ද වාර්තා වනවා.

බලුච් කැරලිකරුවන් පිරිසක් ඉහළ කඳුකරයට ප්‍රාණ ඇපකරුවන් පිරිසක් රැගෙන ගොස් තිබෙන අතර ඉතිරි ප්‍රාණ ඇපකරුවන් ව දුම් රිය එන්ජිම කොටසෙහි රඳවාගෙන සිටිනවා.

ක්වෙටා සිට පෙෂාවර් දක්වා ගමන් කරමින් සිටියදී මෙම දුම්රිය දුරස්ථ ප්‍රදේශයක උමගක් තුළ සැඟවී සිටි සන්නද්ධ ප්‍රහාරකයින් විසින් ජැෆර් එක්ස්ප්‍රස් අල්ලා ගත්තා.

එහි මැදිරි 09ක අවම වශයෙන් මගීන් 400ක් පමණ සිට ඇති බව ද පැවසෙනවා.

BLA යනු බලුකිස්තානයට පාකිස්තානයෙන් ඉවත් ව නිදහස් රාජ්‍යයක් වෙනුවෙන් ඉල්ලීම් කරමින් බලපෑම් කරන ත්‍රස්ත සංවිධානයක් ලෙසයි ප්‍රසිද්ධ වන්නේ.

පැය 48 ක් ඇතුළත හමුදාව විසින් පැහැරගෙන ගිය බව කියන බලුච් දේශපාලන සිරකරුවන් සහ අතුරුදන් වූ පුද්ගලයින් නිදහස් කරන ලෙස බීඑල්ඒ ඉල්ලා සිටියා.

ඉල්ලීම් ඉටු නොකළහොත්, දුම්රිය “සම්පූර්ණයෙන්ම විනාශ කරන” බවට ඔවුන් තර්ජනය කළා.

හමුදා මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු මරා දමන බවට ද මොවුන් තර්ජනය කර තිබෙනවා.

මේ අතර බලුච් කැරලිකරුවන් විසින් පාකිස්තාන දුම්රිය අත්පත් කරගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57