දීඝවාපී චෛත්‍ය සංරක්ෂණයට ප්‍රමිතියෙන් තොර ගඩොල් සැපයීමේ චෝදනා ලැබූ අයට නියෝගයක්

සොළොස්මස්ථානවලට අයත් නැගෙනහිර පළාතේ පිහිටි ප්‍රධාන දාගැබක් වන දීඝවාපී චෛත්‍ය සංරක්ෂණය කිරීමේදී ප්‍රමිතියෙන් තොර ගඩොල් සපයන ලද සැපයුම්කරුවකුට ගෙවීම් අනුමත කිරීමේ චෝදනාව යටතේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන සෙනරත් දිසානායකට සහ එහි ප්‍රධාන ගණකාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට කොළඹ මහාධිකරණය අද (11දා) අධිචෝදනා භාර දුන්නා.

ආණ්ඩුවට අයුතු ලෙස හෝ නීතිවිරෝධී ලෙස පාඩු කිරීමේ චේතනාවෙන් නැතහොත් පාඩුවක් සිදු විය හැකි බව දැන දැන ම තමාට හිමි බලය අයුතු ලෙස භාවිත කිරීමේ චෝදනාව යටතේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටි චූදිතයන් තමන්ට එරෙහිව සියලුම චෝදනාවන්ට නිවැරැදිකරුවන් බව කියා සිටියා.

සිය සේවා‍දායකයන් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය රුපියල් 15,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 20ක ශරීර ඇපමත විත්තිකරුවන් මුදාහැරීමට නියම කළා.

චූදිතයන්ට විදේශ ගමන් තහනමක් පැනවූ අධිකරණය ගුවන් ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමට සහ සෑම මසකම අවසාන ඉරුදින අල්ලස් කොමිසමට වාර්තා කිරීමට නියම කළ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අම්පාර දීඝවාපී දාගැබ සංරක්ෂණ කටයුතු සිදු කිරීමේදී රශ්මි ට්‍රේඩර්ස් නමැති ආයතනයකින් ලබා ගන්නා ලද ගඩොල් 3,77,000ක් නිසි ප්‍රමිතියකින් සපයා ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් තොරව සැපයුම්කරුට රුපියල් 60,32,000ක් ගෙවීමට අනුමත කිරීමෙන් රජයට පාඩු කිරීමේ චෝදනාව යටතේ මෙම නඩු පැවරීම සිදු ව තිබෙනවා.

නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී, ගණකාධිකාරී සහ නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ ලෙස සේවය කළ ආර්.ඒ. මහින්ද ලක්ෂ්මන්, යූ.ජී. චන්ද්‍රසිරි අබේරත්න, ඩබ්.ඒ. සුමනදාස යන අය නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සමඟ මනුජය ද සිල්වා, ඩිල්කි හේවාපන්න, තුසිත ගුණසේකර, යන මහත්ම මහත්මීන් පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42