දීඝවාපී චෛත්‍ය සංරක්ෂණයට ප්‍රමිතියෙන් තොර ගඩොල් සැපයීමේ චෝදනා ලැබූ අයට නියෝගයක්

සොළොස්මස්ථානවලට අයත් නැගෙනහිර පළාතේ පිහිටි ප්‍රධාන දාගැබක් වන දීඝවාපී චෛත්‍ය සංරක්ෂණය කිරීමේදී ප්‍රමිතියෙන් තොර ගඩොල් සපයන ලද සැපයුම්කරුවකුට ගෙවීම් අනුමත කිරීමේ චෝදනාව යටතේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන සෙනරත් දිසානායකට සහ එහි ප්‍රධාන ගණකාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට කොළඹ මහාධිකරණය අද (11දා) අධිචෝදනා භාර දුන්නා.

ආණ්ඩුවට අයුතු ලෙස හෝ නීතිවිරෝධී ලෙස පාඩු කිරීමේ චේතනාවෙන් නැතහොත් පාඩුවක් සිදු විය හැකි බව දැන දැන ම තමාට හිමි බලය අයුතු ලෙස භාවිත කිරීමේ චෝදනාව යටතේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටි චූදිතයන් තමන්ට එරෙහිව සියලුම චෝදනාවන්ට නිවැරැදිකරුවන් බව කියා සිටියා.

සිය සේවා‍දායකයන් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය රුපියල් 15,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 20ක ශරීර ඇපමත විත්තිකරුවන් මුදාහැරීමට නියම කළා.

චූදිතයන්ට විදේශ ගමන් තහනමක් පැනවූ අධිකරණය ගුවන් ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමට සහ සෑම මසකම අවසාන ඉරුදින අල්ලස් කොමිසමට වාර්තා කිරීමට නියම කළ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අම්පාර දීඝවාපී දාගැබ සංරක්ෂණ කටයුතු සිදු කිරීමේදී රශ්මි ට්‍රේඩර්ස් නමැති ආයතනයකින් ලබා ගන්නා ලද ගඩොල් 3,77,000ක් නිසි ප්‍රමිතියකින් සපයා ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් තොරව සැපයුම්කරුට රුපියල් 60,32,000ක් ගෙවීමට අනුමත කිරීමෙන් රජයට පාඩු කිරීමේ චෝදනාව යටතේ මෙම නඩු පැවරීම සිදු ව තිබෙනවා.

නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී, ගණකාධිකාරී සහ නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ ලෙස සේවය කළ ආර්.ඒ. මහින්ද ලක්ෂ්මන්, යූ.ජී. චන්ද්‍රසිරි අබේරත්න, ඩබ්.ඒ. සුමනදාස යන අය නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සමඟ මනුජය ද සිල්වා, ඩිල්කි හේවාපන්න, තුසිත ගුණසේකර, යන මහත්ම මහත්මීන් පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?