පාළු ළිඳක තිබී ගොඩගැනුණු අවිආයුධ

අතහැර දමා තිබූ පාළු ළිඳක තිබී පිස්තෝල දෙකක්, රිවෝල්වරයක් සහ උණ්ඩ 152ක් සොයාගැනීමට කඩුවෙල පොලිසිය සමත් ව තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ කඩුවෙල – වැලිවිට ප්‍රදේශයෙන්.

බුද්ධි අංශ නිලධාරියෙකුගෙන් ලද තොරතුරක් මත මෙම ළිඳ පරීක්ෂා කර බැලීමේ දී අදාළ ගිනිඅවි සහ උණ්ඩ හමු වී තිබෙනවා.

කිසියම් අපරාධයක් කිරීමෙන් පසු අදාළ ගිනිඅවි මෙම ස්ථානයට ගෙනවිත් දැමුවේ ද නැතහොත් මෙම ගිනි අවි කිසියම් අපරාධයක් සඳහා සූදානම් කර ඇති දැයි යන්න සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.