Empty Ad
AFC Banner
Empty Ad

සෙව්වන්දි ගැන බොරු කියා පොලිසිය නොමග යැවූ සැකකරු රිමාන්ඩ්

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දී නමැත්තිය පිළිබඳ අසත්‍ය තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි ලහිරු සම්පත් නමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සඳහන් කළේ ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ව සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය පිළිබඳ ව අසත්‍ය තොරතුරු මෙම සැකකරු විසින් පොලිසිය වෙත සිය දුරකථනය මාර්ගයෙන් සම්ප්‍රේෂණය කිරීමට කටයුතු කර ඇති බවයි.

මේ තුළින් ඔහු පොලිස් පරීක්ෂණ නොමග යැවීමට කටයුතු කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් චෝදනා කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අදාළ සැකකරු ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?