වන සත්ව සංගණනයට පත්‍රිකා ලක්ෂ 70ක් – සඳුදාවන විට පත්‍රිකාව ගෙදරටම

ලබන 15 වනදා ක්‍රියාත්මක කිරීමට නියමිත වන සතුන් පිළිබඳ ජාතික සංගණනය සඳහා අවශ්‍ය පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදුකරමින් සාර්ථකව පවතින බව කෘෂි තාක්ෂණ අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ පවසනවා.

ඒ, අනුව බදුල්ල, නුවරඑළිය, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මහනුවර, පුත්තලම, කුරුණෑගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට එම පත්‍රිකා අද (07) දිනය තුළ බෙදාහරින බවයි ඔහු පැවසුවේ.

ඊයේ (06) දිනයේ දී ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රිකක් සඳහා එම බෙදාහැරීම් කටයුතු සිදුකළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම හෙට (08) දිනය තුළ දී යාපනය, මන්නාරම, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, රත්නපුර, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්වලත් මෙම සංගණන පත්‍රිකා බෙදාහරින බව ද කෘෂි තාක්ෂණ අධ්‍යක්ෂවරයා පැවසුවා.

මෙම සත්ව සංගණනය සඳහා රජයේ මුද්‍රණාලය පත්‍රිකා ලක්ෂ 70ක් මුද්‍රණය කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

“දිස්ත්‍රික්ක 25ම ආවරණය වන විදිහට හෙට වන විට අපි පත්‍රිකා බෙදා අවසන් වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ සඳුදා වෙනකොටවත් ප්‍රාදේශී ලේකම් කාර්යාලවලට යවන්න. අද අපි ලබාදෙන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ඔවුන් ප්‍රාදේශීයකම් කාර්යාලවලට සඳුදා වෙනකොටවත් ලබාදෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සියලු නිවාස හිමියන්ට ඒ පත්‍රිකා අදාළ වෙලාවට ලැබෙයි කියලා අපි හිතනවා. මේ ජාතික ප්‍රශ්න විසඳන්න සියල්ලන්ගෙන්ම සහයෝගය ලබාදෙන්න කියලා අපි ඉල්ලනවා”

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
11
+1
0
+1
2
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29