විදෙස් කාන්තාවකගෙන් අල්ලස් මුදලක් ඉල්ලූ බවට චෝදනා ලැබූ පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අද (07) උදෑසන මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ අය බවයි වාර්තා වන්නේ.
ඔස්ට්‍රියානු සංචාරක කාන්තාවකගෙන් සැකකරුවන් අල්ලස් ඉල්ලා ඇත්තේ ඇය සතුව තිබූ විදෙස් දුම්වැටි සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටීමටයි.
ඒ වෙනුවෙන් රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1