මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු මාර්තු 17 තෙක් රිමාන්ඩ් (වීඩියෝ)

මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස සේවය කළ සමයේ කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයට අයත් ඉහළ වාණිජ වටිනාකමකින් යුතු ඉඩමක් කූඨ ලේඛන සකස්කර විකිණීම සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලක් මත හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (05) රාත්‍රී බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (06) දහවල් මහර අංක1 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය නියෝග කළා.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සමග තවත් සැකකරුවන් දෙදෙනෙකු වන කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් වන වෛද්‍ය ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් නමැති සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් තිදෙනා මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය 2015 වසරේ සිදුකර ඇති බවට සඳහන් වන මෙම අයථා ඉඩම් ගනුදෙනුව පිළිබඳ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබීමෙන් පසු හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ප්‍රශ්න කිරීම සඳා අත්අඩංගුවට ගෙන අද සවස මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?