මොකද්ද මේ ‘ධර්ම ගාඩියන්’

ඉන්දියාව සහ ජපානය අතර වාර්ෂිකව පැවැත්වෙන ‘Dharma Guardian’ ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාවේ හයවන අදියර ජපානයේ නැගෙනහිර ෆුජි පුහුණු ප්‍රදේශයේ දී මේ දිනවල පැවැත්වෙනවා.

ඉකුත් 24 වැනි දා ආරම්භ වූ ද්විපාර්ශ්වික ඒකාබද්ධ අභ්‍යාස මාලාව ලබන 09 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම අභ්‍යාස 2018 නොවැම්බර් මාසයේ පළමුවරට ආරම්භ වුණා.

මෙම වසරේ අභ්‍යාසයේ මූලික අවධානය යොමු වන්නේ වත්මන් ආරක්ෂක පරිසරය තුළ අවධානය යොමු කළ යුතු තීරණාත්මක ක්ෂේත්‍රයක් වන නාගරික භූමි ප්‍රදේශවල ත්‍රස්ත මර්දන මෙහෙයුම් පිළිබඳවයි.

ෂිගෙරු ඉෂිබා ජපානයේ අගමැති භූමිකාව භාර ගැනීමෙන් පසුව, මෙම අභ්‍යාසය සඳහා සහභාගී වන ජපාන හමුදා සාමාජිකයින් සංඛ්‍යාව වැඩිවීම ජපානයේ විදේශ ප්‍රතිපත්තියේ අඛණ්ඩ පැවැත්මක් ඉස්මතු කරන බවත් මාධ්‍ය වාර්තා කරනවා.

මෑතකාලීනව ඉන්දියාව සහ ජපානය අතර ආරක්ෂක සබඳතා සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති අතර ඉන්දීය නාවික හමුදාව සහ ජපාන සමුද්‍රීය ආත්මාරක්ෂක බලකාය එක්ව JIMEX නමින් හැඳින්වෙන ජපන්-ඉන්දියා සමුද්‍ර අභ්‍යාසවල 2012 වසරේ සිට නිරත වුණා.

මේ අතර “Veer Guardian” ලෙස හඳුන්වනු ලබන දෙරට අතර නිරන්තර ගුවන් හමුදා අභ්‍යාස ද පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57