Empty Ad
AFC Banner
Empty Ad

මොකද්ද මේ ‘ධර්ම ගාඩියන්’

ඉන්දියාව සහ ජපානය අතර වාර්ෂිකව පැවැත්වෙන ‘Dharma Guardian’ ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාවේ හයවන අදියර ජපානයේ නැගෙනහිර ෆුජි පුහුණු ප්‍රදේශයේ දී මේ දිනවල පැවැත්වෙනවා.

ඉකුත් 24 වැනි දා ආරම්භ වූ ද්විපාර්ශ්වික ඒකාබද්ධ අභ්‍යාස මාලාව ලබන 09 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම අභ්‍යාස 2018 නොවැම්බර් මාසයේ පළමුවරට ආරම්භ වුණා.

මෙම වසරේ අභ්‍යාසයේ මූලික අවධානය යොමු වන්නේ වත්මන් ආරක්ෂක පරිසරය තුළ අවධානය යොමු කළ යුතු තීරණාත්මක ක්ෂේත්‍රයක් වන නාගරික භූමි ප්‍රදේශවල ත්‍රස්ත මර්දන මෙහෙයුම් පිළිබඳවයි.

ෂිගෙරු ඉෂිබා ජපානයේ අගමැති භූමිකාව භාර ගැනීමෙන් පසුව, මෙම අභ්‍යාසය සඳහා සහභාගී වන ජපාන හමුදා සාමාජිකයින් සංඛ්‍යාව වැඩිවීම ජපානයේ විදේශ ප්‍රතිපත්තියේ අඛණ්ඩ පැවැත්මක් ඉස්මතු කරන බවත් මාධ්‍ය වාර්තා කරනවා.

මෑතකාලීනව ඉන්දියාව සහ ජපානය අතර ආරක්ෂක සබඳතා සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති අතර ඉන්දීය නාවික හමුදාව සහ ජපාන සමුද්‍රීය ආත්මාරක්ෂක බලකාය එක්ව JIMEX නමින් හැඳින්වෙන ජපන්-ඉන්දියා සමුද්‍ර අභ්‍යාසවල 2012 වසරේ සිට නිරත වුණා.

මේ අතර “Veer Guardian” ලෙස හඳුන්වනු ලබන දෙරට අතර නිරන්තර ගුවන් හමුදා අභ්‍යාස ද පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?