චැම්පියන්ස් කුසලානයේ අවසන් මහා තරගයට පිවිසීමට දකුණු අප්‍රිකාවට, නවසීලන්ත කණ්ඩායමෙන් ලකුණු 363ක දැවැන්ත ඉලක්කයක් හිමිවුණා.
ඒ අද (05) ලාහෝර් හි දී පස්වරුවේ ආරම්භ වූ මෙම තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව වටයේ තරගයේදියි.
කාසියේ වාසිය දිනාගනිමින් පළමු ව පන්දුවට පහරදීමට නවසීලන්තය තීරණය කළා.
සිය නායකයාගේ තීරණයට සර්ව සාධාරණය පිතිකරණයෙන් ඉටු කරමින් කිවි ආරම්භක පිතිකරුවන් ලකුණු වැස්සක් ගෙනදීමට සමත් වූයේ ශතක දෙකක් ද ලකුණු පුවරුවට එක් කරගනිමින්.
රචින් රවීන්ද්‍රා සහ කේන් විලියම්සන් අතරේ ලකුණු 164ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගුණු අතර රවීන්ද්‍රා ලකුණු 108ක් සහ විලියම්සන් ලකුණු 102ක් ලබා ගත්තා.
ග්ලේන් පිලිප්ස් නොදැවී ලකුණු 49ක් සහ ඩැරිල් මිචෙල් ද ලකුණු 49ක් ලබා ගත්තා.
කඩුලු බිඳ දැමීමේ දී ලුන්ගි නිගිඩි කඩුලු 03ක්, රබඩාට කඩුලු 02ක් සහ මල්ඩර්ට එක් කඩුල්ලක් හිමිවුණා.
අද තරගය ජය ගන්නා කණ්ඩායම එළඹෙන 09 වැනිදා ඉන්දියාවට එරෙහිව 2025 ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති.