රහස් ඔත්තු සේවයට ගිය 13 හැවිරිදි දරුවා

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියමයෙන් 13 හැවිරිදි පිරිමි ළමයෙකු අමෙරිකාවේ එක්සත් ජනපද රහස් සේවයේ නියෝජිතයෙකු ලෙස බඳවා ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස රහස් ඔත්තු සේවයට බඳවාගෙන තිබෙන්නේ DJ නමැති බාලවයස්කාර දරුවෙකු බව යි.

මීට වසර 06කට පෙර පුංචි DJට මොළය ආශ්‍රිත පිළිකා රෝගී තත්ත්වයක් වැළඳී තිබුණ බවත් වාර්තා වනවා.

කෙසේ වෙතත් එම රෝග තත්ත්වය මේ වන විට සුව වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පුංචි DJ අමෙරිකානු ආරක්ෂක සේවයට බැඳීමට දැඩි ආශාවකින් සිට ඇති බවයි සඳහන් වන්නේ.

එය අගය කිරීමක් ලෙස සලකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක්සත් ජනපද රහස් සේවයේ නියෝජිතයෙකු ලෙස DJ ව බඳවාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්