ස්ටීවන් ස්මිත් එක්දින පිටියෙන් සමුගනියි

ඔස්ට්‍රෙලියානු එක්දින ක්‍රිකට් නායකත්වය ගෙන කටයුතු කළ මුල් පෙළ පිතිකරුවෙකු ලෙස සැලකෙන ස්ටීවන් ස්මිත් ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (04) චැම්පියන්ස් කුසලාන අවසන් පූර්ව වටයේ දී ඉන්දියාව හමුවේ කඩුලු 04කින් පරාජයට පත් වූ ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට නායකත්වය දුන්නේ ද ස්ටීවන් ස්මිත්.

එම තරගයේ දී ද කණ්ඩායමේ නැංගූරම වූ ස්මිත් ලකුණු 73ක් රැස් කළා.

තමන් ජාත්‍යන්තර ටෙස්ට් පිටිය කෙරෙහි වැඩි නැඹුරුවක් යොමු කිරීම එක්දින පිටියෙන් ඉවත් වීමට හේතුව ලෙසයි ස්මිත් නිවේදනය කර ඇත්තේ.

කෙසේවෙතත් ඉදිරියේ දී ස්මිත් පන්දුවාර 20 තරග රටාවේ ද දැකිය හැකි වනු ඇති.

ඒ අනුව ස්මිත් නිවේදනය කර ඇත්තේ 2027 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා තමන් එක් නොවන බවයි.

35 හැවිරිදි ස්මිත් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 170කට ක්‍රීඩා කළ ලකුණු 5800ක් ලබා තිබෙනවා.

ඊට එක්දින ශතක 12ක් සහ අර්ධ ශතක 35ක් ඇතුළත්.

එක්දින දිවියේ ස්ටීවන් ස්මිත් ලැබූ වැඩිම ලකුණු වන්නේ ලකුණු 164 යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?