ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් අන්‍යාගමිකයන් අතර ඇති සංහිදියාව බිඳ හෙලන ආකාරයේ දේශන පැවැත්වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදා හැර ඇති ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරොම් යන දේවගැතිවරයාගේ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීම අනුව එම විදෙස් ගමන් තහනම සම්පුර්ණයෙන්ම ඉවත් කිරිමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අද (05) නියෝග කළා.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන නිලධාරීන් අධිකරණය හමුවේ නොමැති බැවින් එම ඉල්ලීම පසුගිය ජනවාරි 30 වැනිදා මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කිරීමක් ද සිදු කරමින්.
ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක වීසා අවලංගු වී ඇති බැවින් වීසා අලුත් කිරීමට සහ ආගමික වැඩසටහන් පැවැත්වීමට එම විදේශ රටවලට යා යුතු බව සඳහන් කරමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල මේ ඉල්ලීම සිදු කළා.
ඒ අනුව ඔහුගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය නියෝග පිටපත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ද නියෝග කළා.