ෆාස්ටර් ජෙරොම්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් අන්‍යාගමිකයන් අතර ඇති සංහිදියාව බිඳ හෙලන ආකාරයේ දේශන පැවැත්වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදා හැර ඇති ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරොම් යන දේවගැතිවරයාගේ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීම අනුව එම විදෙස් ගමන් තහනම සම්පුර්ණයෙන්ම ඉවත් කිරිමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අද (05) නියෝග කළා.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන නිලධාරීන් අධිකරණය හමුවේ නොමැති බැවින් එම ඉල්ලීම පසුගිය ජනවාරි 30 වැනිදා මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කිරීමක් ද සිදු කරමින්.

ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක වීසා අවලංගු වී ඇති බැවින් වීසා අලුත් කිරීමට සහ ආගමික වැඩසටහන් පැවැත්වීමට එම විදේශ රටවලට යා යුතු බව සඳහන් කරමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල මේ ඉල්ලීම සිදු කළා.

ඒ අනුව ඔහුගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය නියෝග පිටපත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ද නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42