ඛනිජ තෙල් බෙදුම්කරුවන් ජනපතිට සංදේශයක් භාරදීමට සැරසෙයි

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයින් අද (03) පෙරවරුවේ ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය අසලට රැස්ව සිටියා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීමේ අරමුණින්.

එම සංගමයේ සාමාජිකයින් මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ බෙදුම්කරුවන්ට මීට පෙර හිමි වූ 3%ක වට්ටම් මුදල අහිමිකිරීම තුළ තමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි.

ඒ, සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහා මෙලෙස සංදේශයක් භාරදීමට අද දිනයේ පැමිණි බවත් ඔවුන් මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

මේ අතර ඉන්ධන අලෙවිසැල වසා දැමීමක් සිදුකර නොමැති බවත්, ඒවායේ සේවකයින් සංඛ්‍යාව අඩුකර පැය 24 පුරාම ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු සිදුකරගෙන යන බවත් ඔවුන් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38