Empty Ad
AFC Banner
Empty Ad

මැතිසබයේ බොරු කියන එක නවත්වන්න නාමල්ගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

මන්ත්‍රී වරප්‍රසාද අවභාවිත කරමින් පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම වළක්වාලීමට ආණ්ඩුව පියවර නොගන්නේ නම් එය නතර කිරීමට තමන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන එන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

එමෙන්ම මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ රජයේ පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් කිසිවක් සිදු නොවන්නේ නම්; වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට පාර්ලිමේන්තුව තුළ හිතාමතා අපහාසාත්මක ආමන්ත්‍රණය කිරීම් පිළිබඳ තීරණ ගැනීමට බලය පැවරිය යුතු බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය ඊයේ (03) කොළඹ දී රැස්වූ අවස්ථාවේ දී ඔහු මේ බව පැවසුවා.

දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති සහ තවදුරටත් නවීන නීතිමය අවශ්‍යතා සඳහා සේවය නොකරන අභිචෝදක කාර්යාලය වැනි යල් පැන ගිය පද්ධති නැවත ස්ථාපිත කිරීමට වත්මන් රජය ගෙන ඇති පියවර කනස්සල්ලට කරුණක් බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?