පවතින වර්ෂාපතනයත් සමඟ නිල්වලා සහ ගිං ගංඟා සුළු ගංවතුර මට්ටමට ළඟා වී තිබෙනවා.
අකුරැස්ස සහ පානඳුගම ප්‍රදේශවලින් නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම බද්දේගම ප්‍රදේශයෙන් ගිං ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟා වී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැන වූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, කන්ඳකැටිය, හාලිඇළ, හපුතලේ, මීගහකිවුල, ඌවපරණගම, බදුල්ල සහ සොරෙණාතොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.