වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැල්ලවාය, මහවෙලමුල්ල ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී පුද්ගලයෙක් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති අතර; එම අවස්ථාවේ දී එම පුද්ගලයා සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය එක් වරම ගිලදමා ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරු විසින් ගිලදැමූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03ක් යළි පිටතට ගැනීමට හැකිව ඇති ආතර, තවත් ග්‍රෑම් 07 කට ආසන්න ප්‍රමාණයක් සැකකරු ගිලදමා ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරුව එම පුද්ගලයා කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කර ඇති ඔහු බරපතළ තත්වයෙන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.
මෙම සැකකරු වසර නවය හමාරක් බන්ධනාගාර ගතව සිට නිදහස් වී මාස කිහිපයක් තුළ යළිත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති බවට මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ.
වැල්ලවාය පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනවා.