Empty Ad
AFC Banner
Empty Ad

සිදුවෙන්න ගිය මහා ගුවන් අනතුරක් අනූ නවයෙන් වලක්වා ගත් හැටි

ඇමරිකානු ෆෙඩෙක්ස් සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක හටගත් ගින්නක් හේතුවෙන් එම යානය හදිසි ගොඩබෑමකට ලක්කර තිබෙනවා.

මෙම යානය ගුවන් ගතකර සුළු වේලාවකින් යානයේ දකුණු පස එන්ජිමේ ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ නෙවෝක් ලිබර්ටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කර ඇති බවයි.

ඇති වූ ගින්න පිළිබඳව ගුවන්තොටුපොළ බලධාරීන් දැනුවත් කර ඇති යානයේ නියමුවන් එය යළිත් ලිබර්ටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොසබස්සවා තිබෙනවා.

යානය ගුවන් ගත කිරීමේ දී එහි එන්ජිමක කුරුල්ලන් ගැටීමෙන් ගින්න හටගෙන ඇති අතර, සිද්දිය සිදුවන අවස්ථාවේ එහි තිදෙනෙකු සිට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?