Empty Ad
AFC Banner
Empty Ad

කුප්පි ලාම්පුවක් පෙරළී ගේ ගිනිගෙන කතක් මරුට

කොස්වත්ත පොලිස් වසමේ මැ / කොට්ට්‍රාමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් ගින්ගෙන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (01) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 79ක තැනැත්තියක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම කාන්තාව සිය මිනිබිරිය සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර, සිද්ධිය සිදුවන අවස්ථාවේ මිනිබිරිය උපකාරක පංතියකට සහභාගීවීම සඳහා නිවසින් පිටව ගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මියගිය කාන්තාව රෝගාතුරව කලක සිට එක්තැන්ව සිට ඇති අතර, නිවසේ දල්වා තිබූ කුප්පි ලාම්පුවක් පෙරළී ගොස් ගිනි ඇවිලී මෙම අනතුර සිදුව තිබෙනවා.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය මාරවිල රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?