Empty Ad
AFC Banner
Empty Ad

බොලිවියාවේ බස් අනතුරකින් ජීවිත 37ක් අහිමිවෙයි

බොලිවියාවේ බටහිර පොටෝසි කලාපයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එරට වේලාවෙන් සෙනසුරාදා උදෑසන 7 පමණ සිදු වූ මෙම අනතුරින් තවත් 39 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අධික වේගය මෙම අනතුරට හේතුවන්නට ඇති බවයි සැකපළ කරන්නේ.

ලතින් ඇමරිකාවේ විශාලතම උත්සවවලින් එකක් වන ඔරුරෝ සැණකෙළිය පැවැත්වෙන බටහිර නගරයක් වන ඔරුරෝ වෙත
ගමන් කරමින්න් සිටි පිරිසක් එක් බස් රථයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් ඔරුරෝ සහ පොටෝසි යන රෝහල් දෙකට ඇතුළත් කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ.

බොලිවියාවෙන් නිරන්තරයෙන් මෙවැනි දරුණු මාර්ග අනතුරු වාර්තාවන අතර, ඉන් බහුතරයක් වාර්තා වන්නේ පොටොසි කලාපයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?