2023 මැයි සිට 2024 ජුනි දක්වා බාල වයස්කරුවන් 683ක් ගෘහ සේවයට රට යවලා – කෝප් කමිටුවේ දී අනාවරණයක්

නියාමන කාර්යය වෙනුවෙන් ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ව්‍යාපාරයක් ස්වරූපයෙන් කටයුතු කොට ඇති බව පැහැදිලි වන බව කෝප් කමිටුව පෙන්වා දෙනවා.

මෙම ආයතනයේ පසුගිය කාලසීමාවේ ක්‍රියා කලාපය පිළිබඳ පරීක්ෂාකර බැලීමේ දී මේ බව පැහැදිලි වන බව කෝප් කමිටුව අවධාරණය කරන්නේ.

ශ්‍රී ලංකා විදේශ සේවානියුක්ති කාර්යංශයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පෙරේදා (27) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව අවධාරණය කෙරුණා.

මෙහිදී නේවාසික පුහුණුවක් ලබානොදී ගෘහ සේවිකාවන් 28,165 ක් පළමුවරට විදේශගතකිරීම හේතුවෙන් රුපියල් 631,177,650ක පුහුණු ආදායමක් කාර්යංශයට අහිමි වී ඇති බව අනාවරණය වුණා.

රුපියල් 22,410 ක ගාස්තුවක් අයකර දින 28 නේවාසික පුහුණුවක් පැවැත්විය යුතුව තිබුණ ද මෙම පුහුණුව ලබාදීම සිදු කොට නැති බව මෙහිදී අනාවරණය වූ අතර; එම පුහුණුව වෙනුවට භාෂා පරිවර්තකයින් තිදෙනෙක් යොදාගනිමින් දිනකට 390 දෙනෙකු පමණ සම්මුඛ පරීක්ෂණයට ලක් කොට ඇති බව මෙහිදී හෙළිව ඇත්තේ.

මෙම සම්මුඛ පරීක්ෂණය ද වීඩියෝ පටයක් පරීක්ෂා කිරීම මගින් පමණක් සිදු වී ඇති බව ද මෙහිදී අනාවරණය වූ අතර; මෙම අපරික්ෂාකාරී තත්ත්වය හේතුවෙන් 2023 මැයි සිට 2024 ජුනි දක්වා බාල වයස්කරුවන් 683ක් ගෘහ සේවය සඳහා විදේශගත වී ඇති බවද අනාවරණය වුණා.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහනකට රුපියල් 170,000 බැගින් වෙළඳ කුටි 30ක් කුලියට ගෙන ඇති බවත් එම ආයතනයෙන්ම යාපනය දිස්ත්‍රි‍කයේ පැවති වැඩසටහනකට වෙළඳ කුටියක් කුලියට ගැනීමේදී රුපියල් 500,000ක් ගෙවා ඇති බව මෙහිදී අනාවරණය වී තිබෙනවා.

මෙම මිලට වෙළඳ කුටි 25ක් රුපියල් 12,500,000කට මිලදීගෙන ඇති බව මෙහිදී හඳුනාගැනුණු අතර; අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලැබුණු නිර්දේශ අනුව මෙම ගෙවීම් සිදු කළ බව පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නා.

එමෙන්ම ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන් මුලු වියදම රුපියල් බිලියන 1.2ක් වූ බව මෙහිදී සඳහන් වූ අතර මේ සඳහා ගෙවීම් සිදු කර ඇත්තේ නිවැරදි ක්‍රියාවලීන් අනුගමනය කරමින් බව නිලධාරීන් සඳහන් කළේ.

මෙම වියදම රුපියල් මිලියන 500ට වැඩි බැවින් කැබිනට් අනුමතිය අවශ්‍ය බවත් එම අනුමතිය ලැබී ඇති බව නිලධාරීන් පෙන්වා දෙන නිසා මේ සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සොයා බැලීමට කටයුතු කරන බව විගණකාධිපතිවරයා මෙහිදී පැවසුවා.

එමෙන්ම සංචාරක වීසා මත ගෘහ සේවිකාවන් විදේශගත කිරීමට ලියාපදිංචි බලපත්‍රලාභීන්ට අනුමතිය දී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර; මෙය ආයතනයේ වගකීම මුලුමනින්ම පැහැරහැරීමක් බව කෝප් කමිටුව පෙන්වා දුන්නා.

2023 මාර්තු 30 අංක 07/2023 දරණ සභාපති චක්‍රලේඛයක් මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යට සහ ඕමාන් රාජ්‍යට සංචාරක ගිවිසුමක් නොමැතිව මෙම ගෘහ සේවිකාවන් විදේශගත කොට තිබූ අතර ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම සහ වගවීම පිළිබඳ මෙහිදී කමිටුව විසින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළා.

මෙලෙස සංචාරක වීසා මත 4,942ක් විදෙස්ගත වී තිබූ අතර; ඉන් වැඩි ප්‍රමාණයක් රැකියාවන් ලබාදුන් බවට අදාළ ලියකියවිලි තානාපති කාර්යාලයේ පරිගණක දත්ත පද්ධතියට උඩුගතකොට නැති බවද මෙහිදී අනාවරණය වුණා.

තවද මෙහිදී විදේශ රැකියා සඳහා පිටව ගොස් විවිධ ගැටලුවලට මුහුණදුන් විගමණිකයන් තාවකාලිකව රඳවාගැනීම සඳහා රැඳවුම් නිවාස පවත්වාගෙනයාම සම්බන්ධයෙන්ද, මෙම ආයතනයේ පත්වීම් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

මීට අමතරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සම්බන්ධ විමර්ශනයන් සඳහා කෝප් අනු කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බව ද කෝප් කමිටුවේ සභාපතිවරයා මෙහිදී පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25