වැලිගම, හෙට්ටිවීදිය, දෙවන පටුමග හරස් මාර්ගයේ දී මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් අද (01) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරන් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි වැලිගම පොලිසිය සඳහන් කළේ.
කාන්තාවක් සිය දියණිය උපකාරක පංතියකට රැගෙන යාම සඳහා මෝටර් රථයෙන් නිවසේ සිට වැලිගම නගරයට ගමන් කරමින් සිටිය දී මෝටර් රථය දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වුණේ.
වවුනියාවේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රියේ මෙම මෝටර් රථය ගැටී තිබෙනවා.
අනතුරින් මෝටර් රථය පැදවූ මව සහ දියණිය මෙලෙස තුවාල ලබා මාතර මහ රෝලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත් වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1