රටේ ඉන්ධන හිඟයක් නැහැ රජයෙන් සහතිකයක්

රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති බව කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේ දී අද (01) සඳහන් කළා.

රට තුළ ඉන්ධන අර්බුදයක් ඇතිව තිබෙන බව පෙන්වීම සඳහා ඇතැම් සංවිධානාත්මක කණ්ඩායමක් කෘත්‍රිම ඉන්ධන අර්බුයක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටින බව ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර පාර්ලිමේන්තුවේ සභා නායක අමාත්‍ය බිමල් රත්නායක ද අද (01) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් පැවසුවේ රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්