තරංගගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

උපුල් තරංගගේ විශිෂ්ඨ ශතකය සහ ලහිරු තිරිමාන්නගේ වේගවත් අර්ධ ශතකයත් සමඟ 2025 ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් T20 තරඟාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති තරගය ජය ගන්නට ශ්‍රී ලංකාවට ඊයේ (28) හැකියාව ලැබුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු මාස්ටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 217ක් ලකුණු පුවරුවට එක් කළා.

ලකුණු 218ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 02කදී කඩුලු 07ක් පමණක් දැවී තිබිය දී එම ඉලක්කය පසුකර ගියා.

එහිදී විශිෂ්ඨ ඉනිමක් දියත් කළ උපුල් තරංග පන්දු 54කින් ලකුණු 102ක් රැස්කළ අතර පන්දු 34කින් ලකුණු 53ක් රැස් කරන්නට තිරිමාන්නට හැකියාව ලැබුණා.

ඔවුන් දෙදෙනා එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 153ක සබඳතාවක් ගොඩ නැඟුවා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දු 12 තුළ ලකුණු 16ක් අවශ්‍ය වූ අතර, ජීවන් මෙන්ඩිස් සහ සීක්කුගේ ප්‍රසන්න එම ඉඋල්ලකය පහසුකර දුන්නා.

කෙසේ වෙතත් 09 වන කඩුල්ලට පිටියට පිවිසි චතුරංග ද සිල්වා තමන් මුහුණ දුන් පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමිකර දුන්නා.

ඒ, අනුව මෙම තරගය කඩුලු 03 කින් ජයගත් ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම තරගාවලියේ තමන් සහභාගී වූ තරග තුනෙන් දෙකක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02