IMF සිව්වන ණය වාරිකය ලෙස ලංකාවට ඩොලර් මිලියන 334ක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ තෙවන සමාලෝචනය සම්පූර්ණ කරනු ලැබුවා.

එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට සිව්වන ණය වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් 334ක මූල්‍ය පහසුකමක් සදහා ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක් ලබා දී තිබෙනවා.

මේ සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට මේ දක්වා ලබා දී ඇති මුළු මූල්‍ය සහාය ඇමරිකානු ඩොලර් බිලියන 1.34ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, විස්තීර්ණ ණය අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් වී ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරනවා.

සමාජ වියදම් මත වූ දර්ශක ඉලක්කය හැර 2024 වසරේ දෙසැම්බර් මස අවසානය සඳහා වූ අනෙකුත් සියළුම ප්‍රමාණාත්මක ඉලක්ක ශ්‍රී ලංකාව සපුරා ගෙන ඇති බවයි එම අරමුදල වැඩිදුරටත් සඳහන් කරන්නේ.

2025 වසරේ ජනවාරි මස අග වන විට බොහෝ ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරා ගෙන හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

මෑතක දී අවසන් කරන ලද ණය ප්‍රතිව්‍යූහගතකරණ කර්තව්‍යයන් ණය තිරසාරභාවය ඇති කිරීම සඳහාවන ගමන් මඟේ සාර්ථක ප්‍රතිඵලයක් බව ද සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33