අද (28) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් වහාම ඉවත් වන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
මේ වන විට පවතින සංචිත බෙදාහැරීම පමණක් සිදුකරන අතර අලුතින් සංචිත ඇනවුම් කිරීමක් සිදු නොකර බවයි එම සංගමය පැවසුවේ.
ඉන්ධන බෙදුම්කරුවන්ට මේ වන විට ලැබෙන 3%ක වට්ටම අහෝසි කර එය හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සමීකරණයකට අනුව ගෙවීම් සිදුකිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා.














Here in this country there are more than enough villains. 3 percent commission is huge compared to the sales they make.