Empty Ad
AFC Banner
Empty Ad

ගනේමුල්ල සංජීව ඝාතනයේ රහස්‍ය වාර්තාවක් අධිකරණයට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් අධිකරණයට ලබා දී තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ මෙම වාර්තාව ඊයේ (27) පස්වරුවේ අධිකරණයට ලබා දී ඇති බවත් එය විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලිගේ නිල මැදිරියේ දී පිරිනමා ඇති බවයි.

එම වාර්තාවට අනුව අධිකරණය විසින් පොලිසියට නියෝග කිහිපයක් ද නිකුත් කරන ලද බව වාර්තාවේ සඳහන්.

ඒ අනුව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ද නියමිතයි.

එමෙන්ම සංජීවට වෙඩි තැබූ අවස්ථාවේ දී ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් දෙවැනි දිනටත් සාක්ෂි ලබා ගැනීම අද (28) දින සිදු කෙරෙනවා.

එහි නඩු විභාග කටයුතු ඊයේ දිනට යෙදුණ ද එය අද දින තෙක් කල් තැබුණා.

මේ අතර පෙබරවාරි 19 වැනි දින ගනේමුල්ල සංජීවට වෙඩි තැබීමට උදව් දුන් ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිණිය එම සිදුවීමට දින දෙකකට පමණ පෙර රැඳී සිටියේ යැයි පැවසෙන කඩුවෙල – වැලිවිට නගරයේ වෙළෙඳසැලකින් සිම්පතක් මිලට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම සිම්පත අදාළ ඝාතනය සිදු කිරීමේ ක්‍රියාවලියට දායක කරගෙන ඇති බවට හෙළි ව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?