බෙල්ජියමේ පිලිපේ රජුගේ සොහොයුරිය වන ඇස්ට්‍රිඩ් කුමරිය මාර්තු 2 සිට මාර්තු 8 දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතයි.
එම සංචාරය අතරතුර ඇය අගමැති නරේන්ද්‍ර මෝදි මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් හමුවීමට සහ උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ දිල්ලි ඇතුළු විවිධ ප්‍රාන්තවල සංචාරය කිරීමට නියමිත බව වාර්තා වනවා.
ඉන්දියාවේ බෙල්ජියම් තානාපති කාර්යාලයට අනුව ඇය ඉන්දියාවට පැමිණෙන්නේ 335 දෙනෙකුගෙන් සමන්විත බෙල්ජියමේ සමාගම් 180 ක වෙළෙඳ දූත පිරිසක් සමගින්.
ඇය සමග බෙල්ජියමේ විදේශ අමාත්‍යවරයා ද ඉන්දියාවේ සංචාරය කරනවා.
මෙම සංචාරය වෙළෙඳ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ එකක් බව ඉන්දියාවේ බෙල්ජියම් තානාපති ඩිඩියර් වැන්ඩර්හසෙල්ට් පවසනවා.