බාලවයස්කාරිණියක් ක්‍රෑරත්වයට පත් කළ හිටපු කොමසාරිස්වරයෙකු හා පරිවාස නිලධාරිනියක් අත්අඩංගුවට

ළමා නිවාසයක වයස අවුරුදු 17ක දැරියක් ක්‍රෑරත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු සහ ජ්‍යේෂ්ඨ පරිවාස නිලධාරිනියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය මේ සම්බන්ධයෙන් වන නිවේදනයක් අද (27) පස්වරුවේ නිකුත් කරමින් සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි සැකකරුවෙක් සහ 57 හැවිරිදි සැකකාරියක් බවයි.

අනුරාධපුර ප්‍රදේශයේ ළමා නිවාසයක සිදුවන අයථා ක්‍රියාකාරකම් ගැන 2021 වර්ෂයේ ජනවාරි මස 08 වනදා මාධ්‍ය ඔස්සේ සිදුකළ අනාවරණයකට අනුව කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසයි මොවුන් ව අත්අඩංගුවට ගැනුණේ.

ඒ සම්බන්ධයෙන් 2021.01.16 වැනි දින ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ලද පැමිණිල්ලක් මත අනුරාධපුර පොලිස් ස්ථානය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

එම පැමිණිල්ලට අනුව අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ළමා නිවාසයේ නේවාසික දැරියන්ගේ සහ උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරින්ගේ ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශන සිදු කෙරුණා.

එහිදී අනාවරණය වූ තොරතුරු මත අධිකරණ නියෝග ප්‍රකාරව උපදේශන මධ්‍යස්ථානයක රඳවා සිටි වයස අවුරුදු 17ක දැරියක් ළමා නිවාසයක අරක්කැමි සේවයේ යොදවා ක්‍රෑරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට විරුද්ධව ගත හැකි නීතිමය පියවර සම්බන්ධයෙන් නීතිපතිගෙන් උපදෙස් ඉල්ලා තිබුණා.

ඒ අනුව ඉහත වයස අවුරුදු 17ක දැරියගේ භාරය දරා සිටිමින් ඇය නොසලකා හැරීමෙන් සහ හිංසා කිරීමෙන් ක්‍රෑරත්වයට පත් කිරීමේ වරදට සහ ළමා නිවාසයේ අරක්කැමි සේවයේ යොදවා ගැනීමේ වරදට උතුරු මැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු සහ ජ්‍යේෂ්ඨ පරිවාස නිලධාරිනියක අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව මගින් උපදෙස් ලබා දී තිබූ බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව අද දින මෙම සැකකරු හා සැකකාරිය අනුරාධපුර පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනුණා.

මෙම සැකකරුවන් වාරියපොළ සහ අනුරාධපුරයේ පදිංචිකරුවන්.

සැකකරු සහ සැකකාරිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත‍යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?