ඊජිප්තු හා නෙදර්ලන්ත තානාපතිවරු ජනපති හමුවෙයි – ලංකාවේ ආයෝජනයටත් සූදානමින් (ඡායාරූප)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදිල් ඊබ්‍රහිම් අහමඩ් ඊබ්‍රහිම් මහතා (Adel Ibrahim Ahmed Ibrahim) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැත්වුණා.

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම පිළිබඳ මෙන්ම අතර දෙරටේ සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මැදපෙරදිග කලාපයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානයට ලක් වුණා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති කාර්යාලයේ උපදේශක මොහොමඩ් මාදි (Mohomed Mady) යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වූ බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිත ආයෝජන සඳහා නෙදර්ලන්තය සූදානම් බව ඔවුන් පවසනවා.

නෙදර්ලන්ත රජයේ ඇති සූදානම බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach) ප්‍රකාශ ජනාධිපතිවරයා හමු වී ප්‍රකාශ කළා.

ජනාධිපති කාර්යාලයේ දී අද පෙරවරුවේයි මෙම හමුව පැවැත්වුණේ.

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවතින දිගු කාලීන මිත්‍ර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාවේ සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් නෙදර්ලන්ත රජයෙන් ලබා දිය හැකි සහාය පිළිබඳව ද සාකච්ඡා වුණා.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නිර්මාණ සංරක්ෂණය, කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කටයුතු සඳහා මෙන්ම ශ්‍රී ලාංකිකයින්ගේ අධ්‍යාපන හා පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා නෙදර්ලන්ත රජයේ සහාය ලබාදීමට මෙහිදී එකඟතාව පළ වූ බවයි වාර්තා වන්නේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, සංචාරක, වරාය කටයුතු හා ආයෝජන සදහා නෙදර්ලන්ත රජයේ සහාය අපේක්ෂා කරන බවයි.

මෙවර අයවැය යෝජනා මගින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණු අගය කළ තානාපතිවරිය “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන නව මානයකට ගෙන යාම සඳහා නෙදර්ලන්ත රජයෙන් ලබා දිය හැකි සහාය පිළිබඳව ද සාකච්ඡා කළා.

Ambassador Of Japan 3
WhatsApp Image 2025 02 27 at 15.31.24
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26