ඇමරිකාව ලංකාවට කොරෝනා සම්බන්ධව අනතුරු අඟවයි

ජුනි මාසයේ සිට මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 200 ඉක්මවා යා හැකි බව ඇමරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයට අනුබද්ධිත සෞඛ්‍ය සමීක්ෂණ ආයතනයක් වන IHME ආයතනය පෙන්වා අනතුරු අඟවනවා.

එම ආයතනය විසින් සිදුකරන ලද ප්‍රක්ෂේපණ වාර්තා අනුව දැක්වෙන්නේ කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කර ගතහොත් සැප්තැම්බර් මස වන විට මරණ 20,000ක් පමණ සීමාවකින් එය වළක්වා ගත හැකි බවයි.

කෙසේ වෙතත් තත්ත්වය මීට වඩා බරපතළ වුවහොත් එය මරණ 30,000 දක්වා ඉහළ යා හැකි බවටත් ඔවුන් අනතුරු අඟවනවා.

එමෙන්ම මෙම වාර්තාවන්ට අනුව පවතින තත්ත්වය අනුව ජුනි මස දෙවන සතිය වන විට දිනක දී වාර්තා විය හැකි මරණ සංඛ්‍යාව 244 ක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම පවතින ව්‍යසනකාරී තත්ත්වය තවත් බරපතළ වුවහොත් එය 350 සීමාව දක්වා ඉහළ යා හැකි බවටත් ඔවුන් අනතුරු අඟවනවා.

ඔවුන්ගේ ප්‍රක්ශේපන වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවට කොවිඩ් -19 වසංගතයෙන් බරපතළම බලපෑම ඇතිකරන්නෙ ජුනි මාසයේ දෙවැනි සහ තුන්වැනි සතිය අතරතුරයි.

IHME ආයතනය වාර්තා කරන ආකාරයට ජුනි මාසයේ දෙවැනි සහ තෙවැනි සතිය ඇතුළත මෙරට දෛනික මරණ සංඛ්‍යාව 265 සිට 307 දක්වා ඉහළ යා හැකියි.

ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය යටතේ ජූනි මාසයේ දෙවෙනි සහ දෙවැනි සතිය ඇතුලත මරණ දිනකට මරණ 250ක් 260 ත් අතර සංඛ්‍යාවක් වාර්තා විය හැකි බවයි.

කෙසේ වෙතත් පවතින තත්වය පාලනයෙන් ගිලිහී ගියහොත් එය දිනකට මරණ 307 සිට 355 දක්වා ඉහළ යා හැකි බවට ඔවුන් අනතුරු අඟවනවා.

එමෙන්ම මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ජුනි මස පළමු සතිය අවසන් වන විට දැඩි සත්කාර ඇඳන් 3500 ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය බවත් රෝගී සත්කාර ඇඳන් 20700 ආසන්න සංඛ්‍යාවක් අවශ්‍ය බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
UAE, Qatar සහ Kuwait රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට විශේෂ පණිවුඩයක්
02:46
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ආණ්ඩුවේ කට්ටියගෙන් අය කරගන්න ඕනේ
05:16
Video thumbnail
ආණ්ඩුව ගැන ඇහුවාම මහින්ද දීපු අපූරු උත්තරේ
00:59
Video thumbnail
මනොජ්ගේ මවට අවසන් ගෞරව දක්වන්න මහින්ද සහ ගෝඨත් එයි
02:10
Video thumbnail
ආණ්ඩුවේ කට්ටිය කොච්චර හොරකම් කළත් එයාලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ
08:10
Video thumbnail
රටම කම්පා කළ අභිරහස් මරණයේ වෙනස් කතාවක් එළියට - ආදරය නමින් සිදු වූ බිහිසුණු රඟපෑම
05:44
Video thumbnail
ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ රැකියා | අලුත්ම වීසා සහ නීති
03:59
Video thumbnail
ඔයාලගේ අමුඩේ ගලවලා තමයි අපි එළවන්නේ - ටී.බී සරත් කියපු කතාව ඉල්ලා අස්කරගන්නා
07:09
Video thumbnail
SPA හිමියෝ මානව හිමිකමට යයි - පොලිස් ලොක්කොන්ට වැඩ වරදියි..?
15:51
Video thumbnail
රතු කට්ට පැන්න ගොවි නායකයෝ ආණ්ඩුවට පොල් ගහයි
04:12