අසේල හා චින්තකගේ ප්‍රවේගකාරී ඉනිමෙන් ශ්‍රී ලංකා මාස්ටර්වරුන්ට සුපිරි ජයක්

මාස්ටර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කරන්නට ඊයේ (26) රාත්‍රියේ දී ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සමත් වුණා.

තරගය ඉන්දියාවේ නවි මුම්බායි හි දී පැවැත්වුණු අතර පළමු ව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ හෂීම් අම්ලා ලකුණු 76ක් රැස් කළා.

ඩේන් විලාස් නොදැවී ලකුණු 28 යි.

කඩුලු බිඳ දැමීමේ දී ඉසුරු උදාන සහ චතුරංග කඩුලු 02ක බැගින් සහ එක් කඩුල්ල බැගින් සුරංග ලක්මාල් සහ ධම්මික ප්‍රසාද් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ලකුණු 181ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 17ක් අවසන් වීමට පෙර කඩුලු 03ක් පමණක් දැවී තිබියදී ජයග්‍රහණයේ සීමාව පසුකර ගියා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අසේල ගුණරත්න නොදැවී ලකුණු 59ක් සහ චින්තක ජයසිංහ නොදැවී ලකුණු 51ක් රැස් කළා.

උපුල් තරංග ලකුණු 29යි.

කඩුලු බිඳ දැමීමේ දී Thandi Tshabalala කඩුලු 02ක් බිඳ දැමුවා.

තරගයේ වීරයා අසේල ගුණරත්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32