මාස්ටර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කරන්නට ඊයේ (26) රාත්‍රියේ දී ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සමත් වුණා.
තරගය ඉන්දියාවේ නවි මුම්බායි හි දී පැවැත්වුණු අතර පළමු ව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තා.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ හෂීම් අම්ලා ලකුණු 76ක් රැස් කළා.
ඩේන් විලාස් නොදැවී ලකුණු 28 යි.
කඩුලු බිඳ දැමීමේ දී ඉසුරු උදාන සහ චතුරංග කඩුලු 02ක බැගින් සහ එක් කඩුල්ල බැගින් සුරංග ලක්මාල් සහ ධම්මික ප්‍රසාද් බිඳ හෙලුවා.
පිළිතුරු ඉනිම ලකුණු 181ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 17ක් අවසන් වීමට පෙර කඩුලු 03ක් පමණක් දැවී තිබියදී ජයග්‍රහණයේ සීමාව පසුකර ගියා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අසේල ගුණරත්න නොදැවී ලකුණු 59ක් සහ චින්තක ජයසිංහ නොදැවී ලකුණු 51ක් රැස් කළා.
උපුල් තරංග ලකුණු 29යි.
කඩුලු බිඳ දැමීමේ දී Thandi Tshabalala කඩුලු 02ක් බිඳ දැමුවා.
තරගයේ වීරයා අසේල ගුණරත්න.