දරුණු ගුවන් අනතුරකින් 20කට වැඩි ගණනක් මරුට

සුඩානයේ දරුණු ගුවන් අනතුරක් සිදු ව තිබෙනවා.

එරට ගුවන් හමුදාවට අයත් යානාවක් කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (25) මෙම ගුවන් අනතුර සිදු ව ඇති අතර එහිදී හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් 20 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.

එම ගුවන් අනතුර සිදු ව තිබුණේ සුඩානයේ උතුරු ඔම්ඩුර්මාන් හි වාඩි සෙයිඩ්නා හමුදා ගුවන්තොටුපළ අසල ජනවාස සහිත ප්‍රදේශයකදියි.

ගුවන් අනතුරට හේතුව නිල වශයෙන් තහවුරු නොවුණ ද, එය එහි ඇති වූ කාර්මික දෝෂයක් මත සිදු වූවක් විය හැකි බවටත් සැලකෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?