රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලිවලට ගෙන ඒමට පියවර‍

සීමිත මූල්‍ය රාමුව තුළ වුව ද, සංවර්ධන ප්‍රමුඛතා සහ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති බැවින් එම මුදල් නිසි අයුරින් අදාළ කාර්යයන් සඳහා ඵලදායීව සහ සාධාරණව යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා.

ජනාධිපතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (25) පැවැති සාකච්ඡාවේ දී මේ බව අවධාරණය කෙරුණා.

ඒ අනුව වියදම් කළමනාකරණයේ දී රාජ්‍ය නිලධාරීන් නිසි වගවීමකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

රාජ්‍ය සේවය පිළිබඳ ජනතාව තුළ පවතිනුයේ යහපත් ආකල්පයක් නොවන බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා, රාජ්‍ය සේවය තුළ පවතින අකාර්යක්ෂමතාව ඊට හේතුව වී ඇති බව පෙන්වා දුන්නා.

එමෙන්ම රාජ්‍ය සේවකයන් තුළ ඇති රැකියා අතෘප්තිකාරී බව ද රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවට හේතු වී ඇති බවත්, එම ගැටලු විසඳමින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය ඇතුළු දේශපාලන අධිකාරිය වියදම් අඩු කර ඇති බැවින් රාජ්‍ය ආයතනවල පරිපාලන වියදම් අඩු කිරීම සහ නාස්තිය අවම කිරීම රාජ්‍ය සේවයේ වගකීම බව ද ජනාධිපතිවරයා පැවසුවා.

රාජ්‍ය සේවයේ වියදම් අඩු කිරීම සඳහා රජයේ කාර්යාල සියල්ල රජයේ ගොඩනැගිලිවලට ගෙන ඒම, ඉහළ නඩත්තු වියදමක් සහිත අමාත්‍යාංශ සතු වාහන මාර්තු මාසය වන විට වෙන්දේසි කිරීමට සැලසුම් කිරීම, භාවිත නොකරන කාර්යාල උපකරණ ඉවත් කිරීම, වසා දැමිය යුතු ආයතන, ඒකාබද්ධ කළ යුතු ආයතන සහ රාජ්‍ය පෞද්ගලික හිමිකාරීත්වයට ලබාදිය යුතු ආයතන හඳුනාගෙන ඒ සඳහා කඩිනම් ක්‍රියා මාර්ග ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රී යන මහත්වරු සහ අමාත්‍යංශ ලේකම්වරු මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51