ඉහළ ම වැටුප් තල දහයෙන් 07 වන ස්ථානය විදුහල්පතිවරුන්ටත් 08 වන ස්ථානය ගුරුවරුන්ටත් හිමිව ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (25) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.
එමෙන්ම පූර්ව ළමාවිය සංවර්ධනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 6,019ක් වැඩිපුර වෙන්කර ඇති බවත් ඇය සඳහන් කර සිටියා.
සමාජ ආරක්ෂණය සඳහා ද විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවා.














ගොඩක් හොදයි තීරණය .අධ්‍යාපනය ට ගුරුවරුන්ට වියදම් කරනව වගේම වැඩ ලෝකෙට හරියට ප්‍රායෝගික අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ අවශ්‍යයි .කට පාඩම් අධ්‍යාපනය නැති කරන්න