කෙහෙළියගේ අක්‍රීය කළ වත්කම් ගැන නියෝගයක් – පුතු රමිත්ගේ දේපොළවටත් තහනමක්

අල්ලස් කොමිසම විසින් අත්හිටුවා ඇති හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම්වලට අදාළ මුල් ලේඛනවල සහතික පිටපත් ඔවුන් වෙත ලබාදෙන ලෙස කොළඹ මහාධිකරණ වවිනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අල්ලස් කොමිසමට නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළ ව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු යනාදිය තහනමට ගැනීමට කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග නිකුත් කරනු ලැබුවා.

ඒ නඩුවට අදාළව අද (24) හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණ හමුවේ ඉල්ලීමක් කරමින් අධිකරණ නියෝග මත තහනමට ගෙන තිබෙන සිය සේවාදායකයින්ට අයත් දේපොළවලට අදාළ මුල් ලේඛනබල සහතික පිටපත් තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටීමත් සමගින්.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම මුල් ලේඛනවල සහතික පිටපත් ඉල්ලුම්කරුවන්ට ලබා දෙන ලෙස නියෝග කළා.

අල්ලස් කොමිසම විසින් සිදුකළ විමර්ශනවලට අදාළව මීට පෙර ද අවස්ථා කිහිපයකදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ ඔහුගේ බිරිඳ ඇතුළු ඥාතීන් කිහිපදෙනෙකුගේ බැංකු ගිණුම්, නිවාස ඇතුළු වත්කම් ගණනාවක් අත්හිටුවීමට කටයුතු කෙරුණා.

එම වත්කම් අතර තිබූ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක රුපියල් මිලියන 145ක් වටිනා නිවාස දෙකක් සහ වාහන දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් ද නියෝගයක් නිකුත් කළා.

එමෙන්ම මීට පෙර අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී, දියණියන් වන චමිත්‍රි රඹුක්වැල්ල, චන්ද්‍රාන් රඹුක්වැල්ල, අමාලි රඹුක්වැල්ල සහ බෑණා වන ඉසුරු බණ්ඩාර යන පවුලේ සාමාජිකයින්ට අයත් මිලියන 97ක් වටිනා බැංකු ගිණුම් 16 ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු 05 ක් අත්හිටුවමින් පසුගිය ඔක්තෝබර් (04) වැනිදා නියෝගයක් නිකුත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34