AFC Banner
Empty Ad

ක්ලීන් ශ්‍රී ලංකා කටුනායක ගුවන්තොටටත්

“සංචාරක ආකර්ෂණයක් සහිත පරිසර හිතකාමී ගුවන් තොටුපොළ කලාපයක් නිර්මාණය කිරීම උදෙසා කැපවෙමු ” යන තේමාව යටතේ කටුනායක ගුවන්තොටුපොළ; ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක රැස්වීමට අද (24) පෙරවරුවේ පැවැත් වුණා.

කටුනායක පිහිටි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී මෙම රැස්වීම පවත්වා තිබෙනවා.

මෙම රැස්වීමට ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.පෙරේරා සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න යන අයගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මෙම වැඩසටහන සඳහා දායකත්වය ලබාදීමට කටුනායක ගුවන්තොටුපොළ හා සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහභාගී වී සිටියා.

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ කටුනායක 18 කණුව මංසන්ධියේ සිට ආඩිඅම්බලම – නයිකන්ද දක්වා වූ ප්‍රදේශය මෙම වැඩසටහන යටතේ සංවර්ධන කිරීමට නියමිතයි.

ඒ, සදහා එක් එක් රාජ්‍ය ආයතන වෙත සීමා නීර්ණය කරන ලද ලිපි ගොනු බෙදාදීමක් ද මෙම වැඩසටහන යටතේ දී සිදුකෙරුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?