ජර්මන් මහ මැතිවරණයෙන් එරට දක්ෂිණාංශික මතධාරී විපක්ෂ සන්ධානයට ජය හිමිව තිබෙනවා.
ඒ, අනුව විපක්ෂ සන්ධානයට නායකත්වය ලබාදෙන ෆෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඔහු සන්ධානයේ ප්‍රධාන පක්ෂයවන කොන්සර්වේටිව් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස ද කටයුතු කරනවා.
ඊයේ (23) දින පැවති ජර්මනියේ මහ මැතිවරණයෙන්, මෙතෙක් කල් ජර්මනියේ බලයේ සිටි මධ්‍ය වාමාංශික ප්‍රජාතන්ත්‍රවා දී පක්ෂය ප්‍රතික්ෂේප කරමින් දක්ෂිණාංශික මතධාරී විපක්ෂ සන්ධානය බලයට ගෙන ඒමට එරට ඡන්ද දායකයින් කටයුතු කර තිබුණා.
මෙවර ජර්මන් මහ මැතිවරණය සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා සිටියා.
ජාතිකවාදී අදහස් දරණ දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් ජර්මනියේ බලයට පත්වීම එරට දේශපාලනයේ සිදුවුණු පෙරළියක් බවයි දේශපාලන විශේෂඥන් පවසන්නේ.