මත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් ඉඩමක ඉදිකර තිබූ නිවසක් තුළ සඟවා තිබිය දී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (22) අලුයම සිදුකළ විශේෂ වැටලීමක දී බැරල් දෙකේ ජීව උණ්ඩ යෙදිය හැකි මෙම ගිනි අවිය අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවිය බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුගේ බවයි අනාවරණය වී ඇත්තේ.
මත්තල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද පුද්ගලික තොරතුරකට අනුව මෙම ගිනි අවිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගිනි අවිය සමඟ හිටපු සභාපතිවරයා ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගැනුණු සැකකාර සභාපතිවරයා අද තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1