AFC Banner
AFC Banner
Empty Ad

රට තුළ පාතාල කල්ලි 58ක් ක්‍රියාත්මකයි – වැඩබලන පොලිස්පති (වීඩියෝ)

රට තුළ මේ වනවිට සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායම් 58ක් ක්‍රියාත්මක බවට හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ඔවුන්ගේ අනුගාමිකයින් 1400ක් ද හඳුනාගෙන ඇති බවයි වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ.

රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර පසුගිය දිනවල රට තුළ දී සිදු වූ අපරාධවලට සම්බන්ධ ත්‍රිවිධ හමුදවලට සම්බන්ධ සාමාජිකයින් 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 07 දෙනෙකු යුද හමුදාවෙන් ඉවත්ව ගිය සාමාජිකයින් බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම බස්නාහිර සහ දකුණ පළාත් තුළ මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායම් බහුලව ක්‍රියාත්මක බව ද ඔහු මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?