අද (22) සහ හෙට (23) දිනයේ දී කැලණිවැලි මාර්ගයේ ධාවනය කිරීමට නියමිත දුම්රිය කිහිපයක් ධාවනය කිරීම තාවකාලිව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ, අනුව,
පෙ.ව. 08:30 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (මන්දගාමී)
ප.ව. 01:55 කොළඹ කොටුව – පාදුක්ක (මන්දගාමී)
ප.ව. 04:00 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (අර්ධ සීඝ්‍රගාමී)
ප.ව. 12:25 අවිස්සවේල්ල – කොළඹ කොටුව (මන්දගාමී)
ප.ව. 03:45 පාදුක්ක – කොළඹ කොටුව (අර්ධ සීඝ්‍රගාමී) යන දුම්රියන් මෙලෙස තාවකාලිකව ධාවනය අත්හිටුවනු ඇති.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ පැඟිරිවත්ත ප්‍රදේශයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස දුම්රිය කිහිපයක් තාවකාලිව ධාවනය අත්හිටුවා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1