ලොව විශාලතම වාහන නිෂ්පාදන සමාගමක් ලෙස සැලකෙන ඉන්දියාවේ ටාටා සමාගම ‘Damas’ සමාගමේ කොටස් අත්පත් කරගැනීමේ සාකච්ඡා පවත්වා තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ටාටා සමූහ ව්‍යාපාරය සමග මෙම කොටස් මිලට ගැනීමේ හවුල්කාරීත්වය වෙනුවෙන් ටයිටන් සමාගම, කටාර් හි පිහිටි මන්නායි සමාගම එක් ව ඩමාස් සමාගමේ කොටස් මෙලෙස අත්පත් කරගැනීමේ සාකච්ඡා වට පවත්වා ඇති බවයි.
වසරකට පෙර ආරම්භ වූ සාකච්ඡා, අමෙරිකානු ඩොලර් බිලියන 45 ක් (ඩොලර් මිලියන 518 ක්) ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.
ඉන්දියානු මූල්‍ය තොරතුරු දෛනිකව වාර්තා කරන පුවත්පතක් වන ඉකොනොමික් ටයිම්ස් මෙම පුවත වාර්තා කර ඇති මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ද ගෙන නැහැ.
ඩුබායි හි මූලස්ථානය ඇති ඩමාස්, 2012 අප්‍රේල් මාසයේ දී මන්නායි විසින් අත්පත් කර ගනු ලැබුවා.
සමාගම පසුගිය වසර දෙකක කාලය තුළ සිල්ලර ස්වර්ණාභරණ වෙළෙඳාම අවසන් කිරීමටයි කටයුතු කළේ.