ගනේමුල්ල සංජීව ඝාතනයට ගිනිඅවිය දී ඇත්තේ කඩුවෙල නවාතැන්පොළකදීයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගනේමුල්ලේ සංජීව නමැත්තා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකිර්ණයේ දී ඝාතනයට යොදාගත් ගිනිඅවිය කඩුවෙල නවාතැන්පොළක දී සැකකාර කාන්තාව තමාට භාරදුන් බව අත්අඩංගුවේ පසුවන වෙඩි තැබූ පුද්ගලයා පොලිසියට පවසා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, සැකකරු එහිදී ගිනිඅවිය පරීක්ෂා කර බලා ඇති බවයි.

ඝාතනයට පෙර දින අදාළ කාන්තාව සහ අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල නවාතැන්පොලේ නැවතී සිට ඇති බවට ද තොරතුරු වාර්තා ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

ගනේමුල්ල සංජීව ඝාතනය කර පෙරේදා (19) පස්වරුවේ කුලී රථයක නැගී නුගේගොඩට ගොස් ප්‍රසිද්ධ රෙදිපිළි වෙළෙඳසැලකින් ඔවුන් දෙදෙනා ඇඳුම් ද මිල දී ගෙන තිබෙනවා.

පලා ගොස් ඇති කාන්තාව නුගේගොඩට පැමිණ සැකකරු මුණගැසී දෙදෙනාම අධිවේගී මාර්ගය ඔස්සේ මීගමුවට ගොස් ඇත්තේ ද කුලී රථයකින්.

පසුව ඝාතන සැකකරු වෑන් රථයකට නැග කල්පිටියට යමින් සිට ඇත්තේ ඉන්දියාවට පලායාමේ අභිප්‍රායෙන් බව පරීක්ෂණවල දී හෙළි වී තිබෙනවා.

සැකකාර කාන්තාව මීගමුවේ සිට ත්‍රිරෝද රථයේ නැගී පලා ගොස් ඇති බව දැනට කළ විමර්ශනවල දී අනාවරණ වී ඇති අතර ඝාතනයට දින කිහිපයකට පෙර අදාළ කාන්තාව සහ සැකකරු දිවුලපිටිය හා මීගමුව ප්‍රදේශයේ ළැඟුම්හල් දෙකක නවාතැන් ගෙන ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, රුපියල් ලක්ෂ 150ක කොන්ත්‍රාත්තුවක් මත ගනේමුල්ලේ සංජිව නමැත්තා ඝාතනය කළ බවත් ඉන් රුපියල් ලක්ෂ 02ක මුදලක් ගිණුමට බැර වී ඇති බවත් සැකකරු පවසා ඇති බවයි.

ඉතිරි මුදල් ඉන්දියාවේ දී ලබාදීමට එකඟ වී තිබෙනවා.

පලාගිය කාන්තාව අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදු කරමින් සිටිනවා.

ගනේමුල්ලේ සංජීව නමැත්තා පෙරේදා කොළඹ, අලුත්කඩේ අංක 05 අධිකරණයේ විත්ති කුඩුවේ දී වෙඩි තබා ඝාතනය කෙරුණු අතර ඔහු සමග නීතිඥ වෙස් ගත් කාන්තාවක් ද එදින පැමිණ සිටියා.

නමුත් ඇය මෙතෙක් අත් අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03