අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ මූලික විරෝධතාවක් අධිකරණයෙන් ඉවත දමයි

2012 වසරේ ග්‍රීක ආර්ථිකය බිඳවැටෙන බව දනිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.8කට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය අද (21) ප්‍රතික්ෂේප කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබුවා.

විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිඥවරු මීට පෙර මූලික විරෝධතා මතු කර තිබුණා.

ඒ අනුව අදාළ අධිචෝදනා පත්‍ර ප්‍රතික්ෂේප කොට විත්තිකරුවන් නිදහස් කරන ලෙසත් එම මූලික විරෝධතාවලින් ඉල්ලා තිබුණා.

එහෙත් ඒ පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන බවයි.

ඒ අනුව අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කරන බවත් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළා.

මෙම නඩුවේ එක් විත්තිකරුවකු මේ වන විට මියගොස් ඇති බව ප්‍රකාශ වී ඇති නිසා ඒ බව තහවුරු කිරීම සඳහා සාක්ෂි ලැයිස්තුවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් අල්ලස් කොමිසමට නියෝග කළා.

ඒ පිළිබඳව විමසීම සඳහා නඩුව අප්‍රේල් මස 4 වන දා කැඳවන ලෙසත් නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28